ජීවත්වෙන්න ලිංගිකත්වය අත්‍යවශ්‍යයි - බිපාෂා
Posted by Unknown on Saturday, September 27, 2014 |
බිපාෂා බාසු කීවගමන් ලෝකය ඇයව හඳුන්වන්නේ අංක එකේ සරාගී නිළියක් හැටියටයි. බොලිවුඩයේ අනෙක් නිළියන්ට ඇයගේ මේ සරාගී රංගනය ලගට එන්නවත් බැරිවෙලා තියෙන්නේ ඇගේ තියෙන සුවිශේෂී දක්ෂතාවය නිසාමයි. කොහොම නමුත් ෆිල්ම් ෆෙයාර් සඟරාව මේ ළගදී දවසක ඇයත් එක්ක සංවාදයක නිරත වුනා.
එහිදී ඇය ප්‍රකාශ කර සිටියේ ඇය ඉතාමත් ප්‍රේමණිය චරිතයක් බවත් ඇයට එම නිසාම රසික රසිකාවියන් වැඩි වැඩියෙන් ආදරේ කරන බවත්ය. ඇයට මේ වෙනකොට හිතවත් නැති අය ඕපාදූප පතුරවනවලු. ඒ ගැන බිපාෂා කීවේනම් හරිම දුකින්.
කොහොම වුනත් තමන්ගේ ජීවිතේට සම්බන්ධ නැති අය මේ විදියට ඕපදූප පතුරවන එක ගැන එයා නම් එච්චර සැලකිල්ලක් දක්වන්නේ නැතිලු.
අදාලා සංවාදයේදී මාධ්‍යවේදියා බිපාෂාගෙන් අහනවා ගැහැණු ළමුන්ගෙන් සමලිංගික ආරාධන ලැබුනොත් මොකද කරන්නේ කියලා. මොන තරම් සරාගී ජවනිකාවල රගපෑවත් ඒ ප්‍රශ්නෙදීනම් මෙයා හරිම ලැජ්ජාවට පත්වෙනවා. කොහොම වුනත් බිපාෂා කියන්නේ එක අවස්ථාවක් මේ වගේ සිද්ධියකට මුහුණ දෙන්න වුනාලු. ඒ නිව්යෝර්ක් වලදී. වැලන්ටයින් දවසක එක්තරා කාන්තාවක් මෙයාට දියමන්ති මුද්දක් තෑගි කරලා. කරකියාගන්න දෙයක් නැති හින්දම බිපාෂාට ඒක ගන්න වුනාලු.
මේ අතරේ බිපාෂාගෙන් අහන ප්‍රශ්න වලදි ගොඩක් ඒවාගෙන් පැනලා යන්න මෙයා උත්සාහ කලා. පෙම්වතාගැන ඇහුවමත් කීවේ උත්තර දෙන්න අමාරුයි කියලා. කොහොම නමුත් බිපාෂා කියන විදියට අපේ ජීවිතේට ආදරේ කියන දේ හැමදාටම ඕනි වෙනවලු. ඒ වගේම එයා ජීවත්වෙන්නේ ආදරේ කරන්න කියලා තමයි වැඩිදුරටත් ප්‍රකාශකලේ.
ඒ වගේම බිපාෂා වැඩිදුරටත් ප්‍රකාශකලේ ලිංගිකත්වය කියන දේ ඉතාම වටින දෙයක් කියලා. කවුරු මොන දේ කීවත් ලිංගිකත්වය ගැන කතා නොකර කිසිම ආදර සම්බන්ධතාවයක් පවතින්නේ නැතිලු. එහෙම වුනොත් ජීවිතේ එක් පැත්තක් අසාර්ථක වෙනවලු. ඒ නිසා ලිංගිකත්වය කියන්නේ ජීවිතේට අත්‍යවශ්‍යම දෙයක් කියලා තමයි බිපාෂා කියන්නේ.