ඥාණසාර හිමිගේ පෙම් සම්බන්ධතා ගැන මර්වින් සිල්වා හෙළිකරයි -

Posted by Unknown on Tuesday, September 23, 2014 |


පසුගිය කාලයේ බොදු බල සේනා සංවිධානයට එරෙහිව පෙනී සිටි අමාත්‍ය රාජිත ප්‍රමුඛ කණ්ඩායම තුල ඒ සඳහා තවත් මුලිකත්වය ගෙන ක්‍රියාකළ අමාත්‍යවරයෙකු ලෙස මර්වින් සිල්වා හැඳින්විය හැක. 

අද මව්බිම පුවත්පතේ පළවූ "චැට් විත් අරුණි" විශේෂාංගය වෙත එක්වී අමාත්‍යවරයා සඳහන්කොට ඇත්තේ ගානසාර හිමි චීවරය ගැලවූ දාට මුහුණට මුහුණ සටන් කිරීමට සූදානම් බවයි. 

තවද උන්වහන්සේට ප්‍රංශයේ ඇති ප්‍රේම සම්බන්ධතා පිලිබඳ අමාත්‍යවරයා චෝදනා කොට තිබුනේ පහත පරිද්දෙනි. 

ආදරය කියන හැගීම කොහොමද දැනෙන්නේ?
ආදරය කියන්නේ හරිම සුන්දර හැගීමක්. මේ ලෝකේ දරුවෙක් බිහිවෙන තැන ඉදන් මැරෙනකන් ජීවත්වෙන්නේ ආදරය කියන හැගීමත් එක්ක.

ඇමතිතුමා තවම ආදරය කරනවාද?
ඔව්. මම මේ ලෝකෙටම ආදරය කරනවා.

පෞද්ගලික ජීවිතය තුළ ආදරය කරන කාලෙදි බොරු කිව්වද? රැුවටීම් කළාද?
නැහැ. මම ආදරයේදී බොරු කියලා නැහැ. මම කවදාවත් කාමේසුමිච්ච්චාර කියන ශික්ෂා පදය කඩලා නෑ. අනිත් සිල්පද නම් එහෙන මෙහෙන කැඩුණට මං බොරු කියලත් නැහැ. මට මගේ බිරියව හම්බවුනේ අවුරුදු කුමාරි තරගයකදී. මං යෝජනාව ඇයට කළා. එතකොට මගේ කකුක් කැඩිල තිබ්බා. ඒක සුව වෙන එකක් නෑ කියලයි හිතුවේ. මං ඇයට ඇත්තම කිව්වා. මේ කකුල සනීප වෙන එකක් නෑ. ඔයා වෙන කෙනෙක් බදින්න කියලා. ඒත් ඇය මාව අතහැරියේ නෑ. අපි විවාහ වුනා.

පෙම්වතියෝ කී දෙනෙක් හිටියද?

ම්ම්ම්... ඔය ඉතින් එහෙන් මෙහෙන් සබදතා කිහිපයක් තිබුනා.

බිරියට පස්සේ පෙම්වතියෝ හිටියේ නැද්ද?
නැහැ. මම කිව්වනේ කවදාවත් මම තුන්වෙනි සිල්පදය කඩා නැහැ කියලා.

මර්වින් සිල්වා කියන්නේ චණ්ඩියෙක්ද?
අනේ නැහැ. මිනිස්සු තමයි මට ඉතින් එහෙම චණ්ඩියා කියන්නෙ මම බොහොම දැහැමින් ජීවත්වන කෙනෙක්. මගේ අම්මා ගෙදර බුදු පහන තිබ්බා. ඒ පුරුද්ද මටත් තියෙනවා. බුදු පහන තියලා බුදුන් වැදලා දවස පටන්ගන්න මනුස්සයෙක් මම. හැබැයි මට බොරුව අසාධාරණය පෙන්නන්න බැහැ. එතැනදි මම කේශර සිංහයෙක් වගේ.

ඇමතිකෙනෙක් නොවුණනම් දේශපාලනය නොකෙරුවානම් අද කොතැන ඉදියිද?
නෑ. මම ඒත් දේශපාලනයම කරනවා.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ආවොත්, කැබිනට් ඇමැතිකමක් දෙන්නම් කිව්වොත් එක්සත් ජාතික පක්ෂයට යනවද?
සිරිමාවෝ මැතිණියගේ ආණ්ඩුව කාලේ මට ප‍්‍රශ්න වගයක් ආවා. ඒ නිසා මම එ.ජා.පෙට ගියා. ඩොක්ටර් ජයලත් ජයවර්ධන තමා මාත් එක්ක හිටියේ. මම එහෙම එජාපෙට ගියේ මම නොවටිනා කෙනෙක් නෙවෙයි මම මටිනා කෙනෙක් කියලා මැතිණියට පෙන්වන්න. එහෙම ගිහින් තිස්සමහාරාමෙන් මම පළාත් සභාවට දෙපාරක් තරග කරලා දිනුවා. 


පස්සේ මට චන්ද්‍රිකා මැතිණිය ආරාධනා කළාම මම ශ‍්‍රී.ලං.නි.ප. යට එකතුවුණා එුණා එතුමියට ගරු කරලා. හැබැයි මම දේශපාලනය පටන්ගත්තේ බෙලිඅත්ත ආසනෙන් අතිගරු ජනාධිපතිතුමා සමග. මගේ තාත්තා එතුමාගේ පප්පට වැඩ කළා. මම මගේ පියාගේ පස්සේ ගියා. එහෙමයි මම දේශපාලනය පටන් ගත්තේ.

ඒ කියන්නේ නැවත එ.ජා.ප යෙන් ආරාධනාවක් ආවොත් යන්නේ නැද්ද?
මට මගේ ජීව්තයත් එක්ක දැන් යන තියෙන්නේ වෙන වෙන පක්ෂවලට නෙවෙයි. ඊළගට මගේ ගමන තියෙන්නේ කනත්තට. සුසාන භූමියට. එහෙත් මට මේ ආණ්ඩුවේ ඉන්න බැරිනම්, මේ පක්ෂය මට කුඩම්මාගේ සැලකිලි නම්...ඒ වගේ තියෙනවා, මට දැනෙනවා. අතිගරු ජනාධිපතිතුමා නෙවෙයි. වෙන තැන්වලින් කෙනෙහිලිකම් තියෙනවා. 


ජනාධිපතිතුමා මට ගොඩක් ආදරෙයි. තව ටිකක් ඉවසලා බලනවා. ඒක මට හදාගන්න බැරිනම් ඒ උදවිය මගේ වටිනාකම දන්නේ නැතිනම් මම දේශපාලන තීන්දුවක් ගන්නවාමයි. එදාට කියන්නම් මම මොකක්ද ගන්න තීන්දුව කියලා.

බොදුබල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ මේ රටේ ජනාධිපති වුනොත් මොකක් වෙයිද?
අඥානසාරලා එවැනි තනතුරුවලට දාන්නේ නැහැනේ මිනිස්සු. ඊට වඩා ප‍්‍රබුද්ධ මහා දැනුම් සම්භාරයක් තියෙන සිල්වත්කම පිරිච්ච මහානායක ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවානේ මේ රටේ. මල්වතු, අස්ගිරි ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය, අමරපුර නිකාය, කෝට්ටේ පාර්ශවයේ මහානාහිමිවරු හැම පාර්ශවයකම ඉන්නවනේ මේ රටේ. 


ඊට අමතරව තවත් ප‍්‍රබුද්ධ ධර්ම කථිකයාණන් වහන්සේ ඉන්නවා මේ රේ. නම් වශයෙන් කියන්න ගියොත් පොත පරාදයි. එහෙම කොහොමද වෙන්නේ. ඥානේ කිව්වම ඥානය කියන එක තියෙන්න ඕනා. නම් දැම්ම පළියට ඥානය ලැබෙන්නේ නෑ. ඒ අයට මම කියන්නේ අඥානසාරලා කියලයි.

මොකද ඇමතිතුමා මේ තරම් උන්වහන්සේ සමග අමනාපයෙන්?
කිසිම අමනාපයක් නැහැ. උන්වහන්සේ මට අපහාස කළා. මට දෙපත් නයා කියල. ඥානසාර හාමුදුරුවන්ට මහත් කරන්න කියන්න විහාරමහාදේවි එකේ සිද්ධිය. එදා අපේ රැුස්වීමක් තිබ්බා. වාසුදේව නානායක්කාර, කුමාර් රූපසිංහ ආදී මහත්වරු පිරිසක් ආවා. සිංහල ජාතීන් එකතු කරන සංවිධානයක් ඔය මනුස්සයා එදත් කීප දෙනෙකු අල්ලගෙන නැග්ගා වේදිකාවට. ලොකුම වරද මට උස මහත දුන්නේ නෑ. නමුත් මට ඥානවන්තකම තියෙනවා. 


මනුස්සකම තියෙනවා. දැන් බලන්න එකපාරක් අපි යාල ගිය වෙලාවේ කුළු හරකෙක් මෙහෙම මගේ දියා බලන් හිටියා. කුළු හරකා ඥානසාර හාමුදුරුවන්ගේ සයිස් එකෙක්. මම බැලූවා මේ කුළුහරකාවට නැහැනේ ඥානයක්. මගේ යාළුවන්ට මම කිව්වා ”මචං මූ කුළු හරකෙක්. මුගේ ඉස්සරහාට යන්න එපා මූට ඥානය නෑනේ. අපි මූව මගහරිමු” කියලා. මිනිස්සුතු කුළු හරකෙක්ගේ වේශයෙන් එනවා නම් මගහරින්න තමයි මම බලන්නේ.

ඇයි මග හරින්නේ ඇමැතිතුමා බයයිද ඥානසාර හාමුදුරුවන්ට?
බය නෙවෙයි. අගේ තියෙන ඇදුම හොද නෑ. ඒ ඇදුම ඉවත් කරලා එනවා නම් ෂ ජ්බ ්බා ෂ කසනැල ්බහ එසපැ ත්‍්ජැ එද ත්‍්ජැ උස මහත ගැන මට කිසිම ප‍්‍රශ්නයක් නෑ. ගොම ගොඩකට පයින් ගැහුවොත් මොකද වෙන්නේ. කකුලෙම ගෑවෙනවානේ. මම ගොඩ ගොඩවල්වලට පයින් ගහන්නේ නෑ. 


ඇගේ චීවරය දාගෙන හිටියට වැඩක් නෑ. මට දොස් කියන සමහර අයට ප‍්‍රංශයෙත් ගෑනු ඉන්නවා. මෙහෙ රාජගිරියේ ගේකුත් අරන් දුන්නා ඒ ගෑනිට. එයාට මතක් කරගන්න කියනවා එදා වේදිකාව උඩ මොකද වුණේ කියලා. පැනලා දිව්වා. දෙපත් නයා එයා. මම නෙවෙයි. 

චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව කාලේ එයා හිටියේ වෙන පක්ෂයක. එදා සිවුර ගැලෙව්වා හෝ ගලෝලා පස්සේ මම දන්නේ නැහැ කවුරු ඇන්දුවද කියලා. එයා දන්නවා ඒක. රටේ මිනිස්සුත් දන්නවා. මේ රටේ යුද්ධෙ තිබුණා අවුරුදු 30 ක්. මොන රණවිරුවගේ අතේද එයා එක පිරිත් නූලක් බැන්දේ. මේ කතා කරන මර්වින් සිල්වා ගියා ඒවට. එයා මොනවද කළේ එයා තමයි දෙපත් නයා. මම හිතන්නේ සංසාර පුරුද්ද කියලා. එයා මිනිස් පවුලට අයිති සාමාජිකයෙක් නම් නෙවෙයි. එයි අම්මා කෙනෙක් මේ ලෝකෙට බිහිකළා නම් චීවරයක් දාගෙන මෙහෙම හැසිරෙන්නේ නෑ. 

මේ සංවිධාන ගැන ඇමතිතුමාගේ අදහස එක වාක්‍යකින් කියන්න. 
බොදුබල සේනා සංවිධානය - බෞද්ධ බලය ඉතා වටිනවා. බෞද්ධ බලයට සේනාවක් ඕනෑ නෑ.
රාවණා බලය සංවිධානය - රාවනා කියන ශ්‍රේෂ්ඨ සිංහල පුරුෂයාගේ නම ඉතා වටිනවා.
ජාතික හෙළ උරුමය - ජාතියට, හෙළයන්ට උරුමයක් තියෙන්න ඕනෑ. උරුමය ගැන යමෙක් පෙනී සිටිනවා නම් එය ඉතා වටිනවා.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය - සාධාරණ සමාජයක් තියෙන්න ඕනා. සාධාරණ සමාජයක් නැති නිසා තමයි මේ අවුල් වියවුල් සේරම, මම මෙය අගය කරනවා.

ආණ්ඩුවේ ඉන්න තරුණ කඩවසම් ඇමතිවරයා කවුද?
මම කැමතිම නාමල් රාජපක්ෂට, මගේ කැමැත්ත ඔහුට විතරයි.

මේ පුද්ගලයන් ගැන එක වාක්‍යයකින් කියන්න.
රනිල් වික‍්‍රමසිංහ - හොද මහත්තයෙක්.
අනුර කුමාර දිසානායක - ඉතා දක්ෂ කෙනෙක්
වික‍්‍රමභාහු කරුණාරත්න - හොද උගතෙක්

මේ කාන්තාවෝ ගැනත් ඒ විදිහටම එක වාක්‍යකින් කියන්න. 
රෝසි සේනානායක - සුන්දර ලලනාවක්
උපේක්ෂා ස්වර්ණමාලි - නිළියක් හැටියට රටේ නමක් තියෙනවා.
අනර්කලී ආකර්ෂා - ඒ ඈයිටත් නිළියක් විදියට රටේ නමක් තියෙනවා
මාලනී ෆොන්සේකා - ඉතාම ශ්‍රේෂ්ඨ නිළි රැුජිණක්

ලංකාවේ ඉතිරිවෙලා ඉන්නේ මේ කාන්තාවෝ හතර දෙනා විතරයි. ඇමතිතුමත් අවිවාහකයි නම් මේ ඉහත නම් කී අයගෙන කාවද විවාහ කරගන්නේ. 
නෑ ඉතින්, මේ අය මට විවාහ යෝජනා ගෙනාවත් මම කැමතියි නම් විතරනේ බදින්නේ. ඒ අවිවාහක කාලෙත් ඒ අය ගැන මගේ හිතේ තිබුණේ නෑ. තාමත් හිතේ නම් නැහැ. හැබැයි හිතට ආවානම් නොබැද ඉන්නෙත් නෑ.

හරීන් ප‍්‍රනාන්දු මහ ඇමති වෙයිද? හරීන් ගැන මොකද හිතන්නේ?

හරීන් ප‍්‍රනාන්දු ඇවිල්ලා ඉතාමත් දක්ෂයෙක්. පාර්ලිමේන්තු මන්ත‍්‍රීකමක් දාලා ගියේ විපක්ෂයෙන් පළාත් සභාවට ඡුන්දය ඉල්ලන්න. ඒ අදහසට මම ගරු කරනවා.
 

Last Updates

Most Popular