තමාගේ විදෙස් ප්‍රතිකාර ගමනට බිස්නස් ක්ලාස් නොදී ඉකොනොමි ටිකට් දුන්නාට විරෝධය පෑ ලසිත් මාලිංග තම වියදමින් ඕස්ටේ්‍රලියා ගිහින්

Posted by Unknown on Tuesday, September 23, 2014 |


තමාගේ විදෙස් ප්‍රතිකාර ගමනට බිස්නස් ක්ලාස් නොදී ඉකොනොමි ටිකට් දුන්නාට විරෝධය පෑ ලසිත් මාලිංග තම වියදමින් ඕස්ටේ්‍රලියා ගිහින්
ක්‍රිකට් ක්‍රිඩක ලසිත් මාලිංගගේ වම් පාදයේ වළලූකර ප්‍රදේශයේ ඇතිවූ ආබාධයක් නිසා ශල්‍යකර්මයක් සිදු කිරීමට ඔහු ඕස්ටේ්‍රලියාව බලා පිටත්ව ගොස් තිඛෙනවා. මෙම පිටත්වයාම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය දැනුවත් කළ පසු ඔහුට විදේශ ප්‍රතිකාර ලබාගැනීමට අවසර ලබාදී ඇති නමුත් ඔහුට ගුවන් යානයෙන් යාමට ලබාදී ඇත්තේ සාමාන්‍ය ජනතාවට ලබාදෙන zඉකොනොමි පන්තියේZ ටිකට් පතක් බවත් විශේෂ අය යන zබිස්නස් පන්තියේZ ටිකට් පතක් නොදුන් නිසා තමා ක්‍රිකට් ආයතනයේ ටිකට් පත ප්‍රතික්ෂේප කර තම වියදමින් ටිකට් ගෙන බිස්නස් පන්තියේ ගිය බවත් ලසිත් මාලිංග ප්‍රකාශ කරනවා.

එසේම ඔස්ටේ්‍රලියාවේ ගතකරන එක් දිනක් වෙනුවෙන් තමාට ගෙවන ඩොලර් 150 මුදල ප්‍රමාණවත් නැති බවද ඔහු පවසනවා. අසනීපයක් තිබුණ නිසා කකුළ නොසොල්වා යායුතු බැවින් ඔහු කියා සිටින්නේ පැය 15 ක ගුවන් ගමනක් තමාට සාමාන්‍ය පන්තියේ ආසනයක යාමට නොහැකි බවයි. මෙය තේරුම් කර දෙන්නට හැදුවත් අසනීපයකට රට යාමේදී ලබාදිය හැකි පහසුකම එය බවත් දවසකට ගෙවන ගාණ වැඩි කරන්නට බැරිබවත් ක්‍රිකට් ආයතනය කියා සිටි බව ඔහු කියන අතර ඒ තීරණය ගැන චෝදනා කරන ලසිත් මාලිංග තමාට මුදල් හැකියාව ඇති නිසා තම වියදමින් මේ ගමන ගිය බව කියා සිටියා. වෙනත් ක්‍රීඩකයෙකු මුදල් හැකියාව නැතිව මේ ගමන යායුතු වූයේ නම් අසීරුතාවයට පත්වනු ඇති බවත් ඔහු චෝදනා මුඛයෙන් පවසනවා. ලසිත් මාලිංග මේ ගැන පසුගියදා හිරු නාලිකාව අමතා කියා සිටියේ මෙසේය.

zමේ අසනීපේ අවුරුදු එකහමාරක් තිස්සෙ තියනව. මාස හතරෙන් හතරට ඉන්ජෙක්ෂන් ගගහ තමයි හිටියෙ.මේක මගේ පර්ෆෝමන්ස් වලටත් බලපෑවා. මගේ පන්දුවේ වේගය මේ නිසා අඩාල වුණා. ජාතික කණ්ඩායමේ භෞත චිකිත්සකත් මේ ගැන කතා කරලා තීරණයකට ආවා මේක කරන්න ඕන කියලා. කකුලක් ඔපරේෂන් කරන්න ගිහාම ලංකාවෙ වුණත් වෛද්‍යවරු කියනව කකුල නමන්න එපා කෙලින් තියන් ඉන්න කියලා.අවාසනාවකට මම දන්නෑ මොකක්ද හේතුව කියල අපේ කොන්ත්‍රාත්තු වල තියනවලූ අපට ලබාදෙන්නෙ ඉකොනොමි ක්ලාස් එකේ ටිකට් එකක් තමයි විදේශ ප්‍රතිකාර සඳහා යද්දි කියලා.

මේක පැය 15 ක පමණ ගමනක් කකුළ නමාගෙන තමයි යන්න වෙන්නෙ. මම කිව්වා කමක් නෑ ඕගොල්ලො එහෙමනම් මට දෙන්නෙ මං කථාකරලා මගෙ වියදමින් බිස්නස් ක්ලාස් ටිකට් එකක් බුක් කරල යන්නම් කියලා. හැබැයි මම දැන් මේ කියන්නේ මට ඒ දේ කරන්න හැකියාව තියන නිසා.මේ ගොල්ලො මේ විදිහට අපට සලකනවනම්..මේ දේ කරන්න බැරි ක්‍රිඩකයෙක් ආවොත් එයාට මොකද කරන්නෙ කියන එක ප්‍රශ්නයක්. සැත්කමින් පසු මට දවස් 10 ක් විතර එහේ විවේක ගන්නත් වෙනවා. නමුත් ක්‍රිකට් ආයතනයෙන් මට එහේ නවාතැන් අරන් වේල් තුනක් කාලා ඉන්න දවසකට ගෙවන්නෙ ඩොලර් 150 ක් විතරයි.ඒක ඕස්ටේ්‍රලියාව වගේ රටක අමාරුයි. මේ කොන්ත්‍රාත්තුවල අඩුපාඩු ගැන අපි වසර ගාණක් තිස්සේ කියන්නේ මේ නිසයි. මේ ගැන මට කණගාටුයි.

Last Updates

Most Popular