iPhone 6 වෙනුවෙන් පෙම්වතිය විකිණු පෙම්වතෙක්

Posted by Unknown on Friday, September 26, 2014 |


පසුගියදා ලෝකයේ අවධානයට ලක්වූ ඇපල් අයි ෆෝන් දුරකතනයේ නවතම සංස්කරණය වන iPhone 6 දුරකතනයක් මිලදී ගැනීම සඳහා පෙම්වතිය විකුණු පෙම්වතෙක් සම්බන්ධව Shanghai වලින් වාර්තා වේ. නවතම අයි ෆෝන් දුරකතනය නිකුත් වීමත් සමගම ඇපල් රසිකයන්ගේ අයි ෆෝන් උන්මාදය දෙගුණ තෙගුණ වූ අතර මෙවර එය බොහෝ අඩු ආදායම් ලාභීන්ට මිලදී ගැනීමට නොහැකි වූයේ අයි ෆෝන් දුරකතනයේ අධික මිල හේතුවෙනි.

මේ හේතුවෙන් සිය පෙම්වතිය විකුණා හෝ ඇපල් දුරකතනයක් මිලදී ගැනීමට සිතූ Xiao Ai සිය පෙම්වතිය බෙදාගැනීමට කැමති බව දන්වා Songjiang​ විශ්ව විද්‍යාලය ඉදිරිපිට දැන්වීමක් ප්‍රදර්ශනයකොට තිබේ.

කෙසේ නමුත් මෙම දැන්වීමේ දක්වා ඇත්තේ "අනවශ්‍යය ක්‍රියාවන් සඳහා කිසිදු ඉඩක් නොමැත" යනුවෙනි. පෙම්වතිය බෙදාගැනීම ඔහු සීමාකොට ඇත්තේ ඇය සමග ආහාර ගැනීම, පාඩම් කිරීම, වැනි කරුණු වලට පමණි.

මේ සඳහා ඔහු පැයකට පවුමක්ද, දවසකට පවුම් පහක්ද, මසකට පවුම් 50 ක් ද ගාස්තු ප්‍රසිද්ධකොට තිබේ. ඔහුගේ පෙම්වතිය සඳහා උනන්දු වන්නන් හට ඔහුගේ වයි ෆයි සම්බන්ධතාවය හරහා ජායාරූප හා වැඩි විස්තර සපයනු ලැබේ.

Last Updates

Most Popular