හදගම ගෙනාපු සුභාව රන්ජන් රෑනෙන් හිට් කළා
Posted by Unknown on Tuesday, September 23, 2014 |
ප්‍රියන්ත රන්ජන් අධ්‍යක්ෂණය කරන සිරස
රූපවාහිනියේ විකාශය වන රෑන ටෙළි නාට්‍යෙය් එළු පැංචත් එක්ක දග කරන රාධා ඔබට මතක
ඇති, ඒ රාධාගේ ඇත්ත නම තමයි බාලසුබ්රමණියම් සුභාෂීනී.
කොහොමද සුභාෂීනී මොනවද
මේ දවස්වල අලුත් විස්තර? හොදින් ඉන්නවා රෑන ටෙලි නාට්‍යයේ රූගත
කිරීම්වලට දිගටම සම්බන්ධ වෙනවා, ඉන්දියන් ටෙලි නාට්‍ය දෙදකට වගේම දස්කොන් ටෙලි
නාට්‍යයටත් ආරාධනා ලැබිලා තිබෙනවා, හැබැයි තාම ඒ නිර්මාණවලට සම්බන්ධ වෙන්න එකග වෙලා
නැහැ, ඊට අමතරව වසන්තම් නාළිකාවේ නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා
රෑන ඔබේ පළමු රංගන
අත්දැකීම නෙවෙයි නේද? මම කලින් කෙටි චිත්‍රපටවලට රංගනයෙන් සම්බන්ධ වුණා.
ඉනි අවන් චිත්‍රපටයට තමයි මුලින්ම ප්‍රධාන නිර්මාණයක් විදියට සම්බන්ධ වුණේ, රෑන
කියන්නේ මම රංගනයෙන් සම්බන්ධ වුණු පළමුවැනි ටෙලිනාට්‍ය.
මේ දවස්වල රෑනේ රාධාට
ලැබෙන ප්‍රතිචාර කොහොමද? ඇත්තටම මටත් සමහර වෙලාවට මම සුභා කියලා
අමතක වෙනවා, සෙට් එකේදී වුණත් හැමෝම කතාකරන්නේ රාධා කියලා, පොඩි අයත් රාධා කියන
චරිතයට ගොඩක් කැමැතියි, මම නුවර පෙරහර බලන්න ගියා, ගිය වෙලාවේ පොඩි අය රාධා අක්කා
කියලා මාව වටකරගෙන හිටියා, රාධා කියන චරිතයට ගොඩ දෙනෙක් ආදරය කරන එක ගැන මට
ඇත්තටම සතුටුයි.
ඔබත් රංගනයට එන්න හීන
දැක්ක කෙනෙක්ද? නෑ. මම පොඩි කාලේ ඉදන් ප්‍රසන්ටර් කෙනෙක් වෙන්න තමයි
ආසානේ හිටියේ, රංගනය කියන්නේ මට අහම්බෙන් ලැබුණු දෙයක්.
අහම්බයෙන් ලැබුණු
අවස්ථාවක් භාරගන්න බයක් දැනුණේ නැද්ද? පාසලේදී මම වේදිකා
නාට්‍යවලට සම්බන්ධ වෙලා තිබුණා, ගුරුවරු මගේ රංගනය හොදයි කියලා තිබුණ නිසා මට
රගපාන්න පුළුවන් ඇති කියලා දැනගෙන හිටියා, හැබැයි මට ඉනි අවන් චිත්‍රපටයට සම්බන්ධ
වෙන්න ලැබෙනකොට බයක් දැනුණා. අශෝක සර්ගේ චිත්‍රපට විවිධාකාරයෙන් කතාබහට ලක්වුණ නිසා
තමයි ඒ බය දනුණේ, ඒත් අද මම අශෝක හදගමගේ මහත්මයාගෙන් රංගනයට පිවිසී ගැන සතුටු
වෙනවා.
නිවේදිකාවක් වුණු ඔබට
කැමරාව නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයි. ඒත් කැමරාව ඉදිරියේ රගපෑම වෙනස්
අත්දැකීමක් වෙන්න ඇති නේද? ඔව් ඒක ටිකක් වෙනස් අත්දැකීමක්,
රගපාන්න ආපු මුලදී මට රගපාන්න තියෙන සීන් එක මුලින්ම රගපාන්න ලැබෙන්න එපා කියලා මම
Pray කළා, ඒත් දැන් නම් ඒ බය නෑ, මගේ සීන් එක මුලින්ම
තියෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ.
ඔබට රෑන ටෙලි
නිර්මාණයේදී සිංහල යාළුවෝ ගොඩක් එක්ක රගපාන්න ලැබෙනවා කොහොමද ඒ අත්දැකීම?
රෑන ටෙලිඩ්‍රාමා එක මෙගා ඩ්‍රාමා එකක් නිසා වැඩි කාලයක් එක දිගට රංගනයෙන් සම්බන්ධ
වෙනවා, සෙට් එකේ කිසිම කෙනෙක් සිංහල දෙමළ කියලා වෙනසක් නෑ. ඒ අය හරියට මගේම අය වගේ,
අධ්යක්ෂතුමා අනෙක් හැමෝමත් මට මොනවා හරි බැරි වුණොත් හරි ෆ්‍රෙන්ඩ්ලි විදියට කියලා
දෙනවා, අපි හරි මිත්‍රශීලී විදියට සහයෝගයෙන් වැඩ කරනවා.
රෑනේ ඉන්න හොදම යාළුවා කවුද?
ඩිනක්ෂි ගොඩක් හොදයි, එයා මට ගොඩක් උදව් කරනවා,
Workshop එකක් තිබුණත් මට කතා කරලා කියනවා, එයාව ගොඩක්
ළගින් ආශ්‍රය කරනවා, ඒ වගේම ඉෂාන් අයියත් මට ගොඩක් උදව් කරනවා, ඩ්‍රාමා එකේ ගහමරා
ගත්තට අපි දෙන්නා යාළුවෝ, ඒ වගේම දර්ෂන් අයියත් මට ගොඩක් උදව් කරනවා, දර්ෂන් අයියාව
යාළුවගේ තැන තියන්න මම කැමැති නැහැ, එයා මට සහෝදරයෙක්,
රෑනෙදී සිද්ධ වුණු
අමතක නොවන සිදූවිම් ඇති නේද? අම්මෝ තියෙනවා, රෂ්මිනුයි, දර්ශන
අයියයි එක සීන් එකකට හිටියා, එදා මම ටිකක් අසනීපෙන් හිටියේ, රූගත කිරීම් තිබුණේ රෑ
එකොළහමාරට විතර. ඒ වෙලාවේ මාව ෆේන්ට් වෙන්න යනවා වගේ මට දැනුණා, රෂ්මීන්ට ඒක කිව්වම
එයා මට විනාඩි පහක් ඉන්න කියලා දෙබස් බලා ගත්තා. අන්තිමට ක්ලාන්තේ හැදිලා වැටිලා
මගේ ඔළුවත් තුවාල වුණා. මම හොස්පිටල් ඇඩ්මීට් කරලත් හිටියා. ඒ වගේ ගොඩක් සිද්ධි
තියෙනවා.අපි කොහොමත් විහිළුවෙන් තහළුවෙන් තමයි වැඩ කරන්නේ.
දිගටම රංගනයට සම්බන්ධ
වෙන්නද හිතාගෙන ඉන්නේ? දිගටම රගපාන්න කැමැතියි. රෑනේ. ඉනිඅවන්
නිර්මාණවලට වගේ Image එකක් හදාගන්න පුළුවන් චරිත
ලැබුණොත් රගපානවා.