මවක් දරු දෙදෙනා සමග මුහුදට පනී

Posted by Unknown on Tuesday, September 23, 2014 |


ත්‍රිකුණාමලය, කෝනේෂ්වරම් ගල මුදුනේ සිට පහළ මුහුදේ ගල් කුලක් මතට  වැටුණු දරු දෙදෙනෙකු මියගිය අතර මවක් බරපතළ තුවාල ලබා ත්‍රිකුණාමලය මහා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.සිද්ධියත් සමඟ එම අවස්ථාවේ ක්‍රියාත්මක වු 221 බළසේනාවේ හා දෙවැනි ගජබා රෙජිමේන්තු භට පිරිස් කඹ ආධාරයෙන් පහළට බැස තුවාලකරුවන් බෝට්ටුවකට දමා රෝහල්ගත කරනවිටත් දරු දෙදෙනා මියගොස් තිබුණු අතර මව බරපතළ තුවාල ලබා සිහිසුන්ව සිටි බව රෝහල් ආරංචිමාර්ග කියයි. මෙසේ මියගියේ කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ හය වසරේ ඉගෙනුම ලැබු ඒ. ශලෝමි ප්‍රියමේරි ද සිල්වා (12) හා එක වසරේ ඉගෙනුම ලැබු ඒ. ආසල් ගයස් ද සිල්වා නැමැති අක්කා මලෝ දෙදෙනාය. තුවාල ලබා ඇත්තේ දරුවන්ගේ මව වන අනෝජා නෙරංජලා දමයන්ති (34) නැමැති අයයි. මව ඇතුළු දරු දෙදෙනා කන්තලේ බණ්ඩාරනායක මාවතේ පදිංචි කරුවෝ වෙති. 

තුවාල ලබා සිටින අනෝජා නෙරංජලා දමයන්ති නැමැති අයගේ ස්වාමී පුරුෂයා වන කන්තලේ ප්‍රාදේශීය සභාවේ සේවයේ නියුතු චානක හසන්ත ද සිල්වා මහතා මියගිය දරුදෙදෙනා ත්‍රිකුණාමලය රෝහලේ මෘතශරිරාගාරයේදි හඳනා ගන්නා ලදි. සිරුරු හඳනා ගනිමින් ඔහු පොලිසියට ප්‍රකාශයක් කරමින් පැවසුවේ තම බිරිද ආරවුලක් ඇති කරගෙන තමන්ට නොදන්වා දරු දෙදෙනා සමගින් නිවසින් පිටවී ගිය බවත් ඔවුන්ව සෑම තැනකම සොයා බැලු බවත්ය.

කෝනේෂ්වරන් ගල මුදුනේ සිට අඩි 75කින් පහළ ගල්තලාවට මවක් හා දරු දෙදෙනෙකු වැටුණු බවට ආරංචි වු සැණින් ඒ අසල ව්‍යාපාරික කටයුතු කරණ චන්දන උදය කුමාර මහතා යාත්‍රාවක් රැගෙන මුහුදෙන් ඒ දෙසට එද්දී දෙවැනි ගජබාරෙජිමේන්තු අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් හරිස්චන්ද්‍ර ජයතිස්ස මහතා භට පිරිස් කඹ ආධාරයෙන් වැටුණු අයගේ ජීවිත බේරාගැනීමට පහළට යැවීය. පසුව නාවික හමුදා යාත්‍රා මගින් මළ සිරුරු හා තුවාලකාරිය ගොඩට රැගෙන විත් රෝහල් ගත කෙරිණි.

තුවාලකාරියගේ හා මියගිය අයගේ තුවාලවල ස්වාභාවය මෙන්ම ස්වාමි පුරුෂයාගේ ප්‍රකාශය අනුව මව දරුදෙදෙනා තල්ලුකර මවද සියදිවි නසා ගන්නට උත්සහා කර ඇති බවට සැක කරන්නේ යැයි පොලිසිය කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.එච්. ප්‍රභාත් දයානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරික්ෂණ පැවැත්වේ. පශ්චාත් මරණ පරික්ෂණය ත්‍රිකුණාමලය මහා රෝහලේදි පැවැත්විණි.







Last Updates

Most Popular