පොලිස් මුරපොළ ඉදිරිපිට එජාප හරීන්ට පහරදෙයි

Posted by Unknown on Tuesday, September 23, 2014 |


එක්තරා ඇමතිවරයෙකු බදුල්ල දිස්ත්‍රික් ඡන්ද පරාජය ඉවසාගත නොහැකිව තම ආධාර කරුවන් පිරිසක්ද සමග එක්සත් ජාතික පක්ෂයේ හාලිඇල පක්ෂ කාර්යාලයේ තිබූ කටවුට් කඩා පිළිස්සූ අතර සිද්ධිය වාර්තා වීමත් සමග හරීන් ප්‍රනාන්දු මහතා සිද්ධිය සොයා බැලීමට හැලිඇල නගරයට ගියේය, සිද්ධීය ඇසින් දුටු හරීන් ප්‍රනාන්දු මහතාගේ ලේකම් වරයෙකු සිද්ධිය සම්බන්ධයේන ගොසිප් සී ලංකා වෙබ් අඩවියට මෙසේ ප්‍රකාශ කළේය,හාළී ඇල පොලිස් මුරපොළ අසල තුන්හාරසියක පමණ පිරිසක් එහි සිටි අතර ඔවුන් අතතිව කඩු, පොලු තිබුණා,

 ඔවුන් කළ පහරදීමෙන් එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතාට තුවාල සිදුවුනා, ඔහු සමඟ ගමන් කළ වාහන කිහිපයකට පහර දී අලාභ හානි සිදු කළා, අපි යද්දි අපේ වාහනවලට කඩු පොලුවලින් ගැහුවා. අපේ වාහනවලට හානි වුණා. හරීන් මහත්තයා ගිය වාහනයේ පිටුපසත් කුඩු වුණා. මේස කැලසුම් කරලා කරපු දෙයක්.සිදුවූ සිද්ධිය පිළිබදව හරීන් ප්‍රනාන්දු මහතා හාලිඇල පොලීසියට පැමිණීලි කර තිබෙනවා.

Last Updates

Most Popular