මර්වින් සිල්වා කියන්නේ චණ්ඩියෙක්ද?
Posted by Unknown on Tuesday, September 23, 2014 |
01.
ආදරය කියන හැඟීම කොහොමද දැනෙන්නේ?
ආදරය කියන්නේ හරිම සුන්දර
හැඟීමක්. මේ ලෝකේ දරුවෙක් බිහිවෙන තැන ඉඳන් මැරෙනකන් ජීවත්
වෙන්නේ ආදරය කියන හැඟීමත් එක්ක.
02. ඇමැතිතුමා තවම ආදරය කරනවාද?
ඔව්. මම මේ ලෝකෙටම ආදරේ කරනවා.
03. පෞද්ගලික ජීවිතය තුළ ආදරය කරන කාලෙදී බොරු කිව්වද? රැවටීම් කළාද?
නැහැ. මම ආදරයේදී බොරු කියලා නැහැ. මම කවදාවත් කාමේසුමිච්චාචාර කියන ශික්ෂා පදය කඩලා නෑ. අනිත් සිල්පද නම් එහෙන් මෙහෙන් කැඩුණට මං බොරු කියලත් නැහැ. මට මගේ බිරියව හම්බවුණේ අවුරුදු කුමාරි තරගයකදී. මං මගේ යෝජනාව ඇයට කළා. එතකොට මගේ කකුලක් කැඩිල තිබ්බා. ඒක සුව වෙන එකක් නෑ කියලයි හිතුවේ. මං ඇයට ඇත්තම කිව්වා. මේ කකුල සනීප වෙන එකක් නෑ. ඔයා වෙන කෙනෙක් බඳින්න කියලා. ඒත් ඇය මාව අතහැරියේ නෑ. අපි විවාහ වුණා.
04. පෙම්වතියෝ කී දෙනෙක් හිටියද?
ම්ම්ම්... ඔය ඉතින් එහෙන් මෙහෙන් සබඳතා කිහිපයක් තිබුණා.
05. බිරිය කී වෙනි පෙම්වතියද?
ඇය අවසාන පෙම්වතිය.

06. බිරියට පස්සේ පෙම්වතියෝ හිටියේ නැද්ද?
නැහැ. මම කිව්වනේ කවදාවත් මම තුන්වෙනි සිල්පදය කඩා නැහැ කියලා.
07. මර්වින් සිල්වා කියන්නේ චණ්ඩියෙක්ද?
අනේ නැහැ. මිනිස්සු තමයි මට ඉතින් එහෙම චණ්ඩියා කියන්නෙ මම බොහොම දැහැමින් ජීවත්වන කෙනෙක්. මගේ අම්මා ගෙදර බුදු පහන තිබ්බා. ඒ පුරුද්ද මටත් තියෙනවා. බුදු පහන තියලා බුදුන් වැ¼දලා දවස පටන්ගන්න මනුස්සයෙක් මම. හැබැයි මට බොරුව අසාධාරණය පෙන්නන්න බැහැ. එතැනදී මම කේශර සිංහයෙක් වගේ.
08. ඇමැතිකෙනකු නොවුණානම් දේශපාලනය නොකෙරුවානම් අද කොතැන ඉඳියිද?
නෑ. මම ඒත් දේශපාලනයම කරනවා.
09. UNP ආණ්ඩුවක් ආවොත්, කැබිනට් ඇමැතිකමක් දෙන්නම් කිව්වොත් UNP යට යනවද?
සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩුව කාලේ මට ප්‍රශ්න වගයක් ආවා. ඒ නිසා මම එ.ජා.පෙට ගියා. ඩොක්ටර් ජයලත් ජයවර්ධන තමා මාත් එක්ක හිටියේ. මම එහෙම එජාපෙට ගියේ මම නොවටිනා කෙනෙක් නෙවෙයි මම වටිනා කෙනෙක් කියලා මැතිනියට පෙන්වන්න. එහෙම ගිහින් තිස්සමහාරාමෙන් මම පළාත් සභාවට දෙපාරක් තරග කරලා දිනුවා. පස්සේ මට චන්ද්‍රිකා මැතිනිය ආරාධනා කළාම මම ශ්‍රී ල.නි.ප. යට එකතු වුණා එතුමියට ගරු කරලා. හැබැයි මම දේශපාලනය පටන්ගත්තෙ බෙලිඅත්ත ආසනෙන් අතිගරු ජනාධිපතිතුමා සමඟ. මගේ තාත්තා එතුමාගේ පප්පට වැඩ කළා. මම මගේ පියාගේ පස්සේ ගියා. එහෙමයි මම දේශපාලනය පටන් ගත්තේ.
10. ඒ කියන්නේ නැවැත UNP යෙන් ආරාධනාවක් ආවොත් යන්නේ නැද්ද?
මට මගේ ජීවිතයත් එක්ක දැන් යන්න තියෙන්නේ වෙන වෙන පක්ෂවලට නෙවෙයි. ඊළඟට මගේ ගමන තියෙන්නේ කනත්තට, සුසාන භූමියට. එහෙත් මට මේ ආණ්ඩුවේ ඉන්න බැරි නම්, මේ පක්ෂය මට කුඩම්මාගේ සැලකිලි නම්... ඒ වගේ තියෙනවා, මට දැනෙනවා. අතිගරු ජනාධිපතිතුමා නෙවෙයි. වෙන තැන්වලින් කෙනෙහිලිකම් තියෙනවා, ජනාධිපතිතුමා මට ගොඩක් ආදරෙයි. තව ටිකක් ඉවසලා බලනවා. ඒක මට හදාගන්න බැරිනම් ඒ උදවිය මගේ වටිනාකම දන්නේ නැතිනම් මම දේශපාලන තීන්දුවක් ගන්නවාමයි. එදාට කියන්නම් මම මොකක්ද ගන්න තීන්දුව කියලා.
11. බොදු බල සේනාවේ ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ මේ රටේ ජනාධිපති වුණොත් මොකක් වෙයිද?
අඥානසාරලා එවැනි තනතුරුවලට දාන්නේ නැහැනේ මිනිස්සු. ඊට වඩා ප්රබුද්ධ මහා දැනුම් සම්භාරයක් තියෙන සිල්වත්කම පිරිච්චි මහානායක ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවානේ මේ රටේ. මල්වතු, අස්ගිරි ඇතුළු තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය, අමරපුර නිකාය, කෝට්ටේ පාර්ශ්වයේ මහනාහිමිවරු, හැම පාර්ශ්වයකම මහා නායක හිමිවරු ඉන්නවානේ මේ රටේ. ඊට අමතරව තවත් ප්රබුද්ධ ධර්ම කථිකයාණන් වහන්සේ ඉන්නවා මේ රටේ. නම් වශයෙන් කියන්න ගියොත් නම් පොත පරාදයි. එහෙම කොහොමද වෙන්නේ. ඥානේ කිව්වම ඥානය කියන එක තියෙන්න ඕනා. නම් දැම්ම පළියට ඥානය ලැබෙන්නේ නෑ. ඒ අයට මම කියන්නේ අඥානසාරලා කියලයි.
12. මොකද ඇමැතිතුමා මේතරම් උන්වහන්සේ සමඟ අමනාපයෙන්?
කිසිම අමනාපයක් නැහැ. උන්වහන්සේ මට අපහාස කළා මට දෙපත් නයා කියලා. ඥානසාර හාමුදුරුවන්ට මතක් කරන්න කියන්න විහාරමහාදේවි එකේ සිද්ධිය. එදා අපේ රැස්වීමක් තිබ්බා. වාසුදේව නානායක්කාර, කුමාර් රූපසිංහ ආදී මහත්වරු පිරිසක් ආවා. සිංහල ජාතීන් එකතු කරන සංවිධානයක් ඔය මනුස්සයා එදත් කීප දෙනකු අල්ලගෙන නැග්ගා වේදිකාවට. ලොකුම වරද මට උස මහත දුන්නේ නෑ. නමුත් මට ඥානවන්තකම තියෙනවා. මනුස්සකම තියෙනවා.
දැන් බලන්න එකපාරක් අපි යාල ගිය වෙලාවේ කුළු හරකෙක් මෙහෙම මගේ දිහා බලන් හිටියා. කුළු හරකා ඥානසාර හාමුදුරුවන්ගේ සයිස් එකෙක්. මම බැලුවා මේ කුළුහරකාට නැහැනේ ඥානයක්. මගේ යාළුවන්ට මම කිව්වා "මචං මූ කුළු හරකෙක්, මුගේ ඉස්සරහාට යන්න එපා මූට ඥානය නෑනේ. අපි මූව මගහරිමු" කියලා. මිනිස්සුත් කුළු හරකෙක්ගේ වේශයෙන් එනවා නම් මගහරින්න තමයි මම බලන්නේ.
13. ඇයි මග හරින්නේ ඇමැතිතුමා බයයිද ඥානසාර හාමුදුරුවන්ට?
බය නෙවෙයි. ඇඟේ තියෙන ඇඳුම හොඳ නෑ. ඒ ඇඳුම ඉවත් කරලා එනවා නම් I can and I like, any time, Face to Face. . උස මහත ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ. ගොම ගොඩකට පයින් ගැහුවොත් මොකද වෙන්නේ. කකුලෙම ගෑවෙනවානේ. මම ගොම ගොඩවල්වලට පයින් ගහන්නේ නෑ. ඇඟේ චීවරය දාගෙන හිටියට වැඩක් නෑ. මට ෙදාස් කියන සමහර අයට ප්රංශයෙත් ගෑනු ඉන්නවා. මෙහෙ රාජගිරියේ ගේකුත් අරන් දුන්නා ඒ ගෑනිට. එයාට මතක් කරගන්න කියනවා එදා වේදිකාව උඩ මොකද වුණේ කියලා. පැනලා දිව්වා, දෙපත් නයා එයා. මම නෙවෙයි. චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුව කාලේ එයා හිටියේ වෙන පක්ෂයක, එදා සිවුර ගැලෙව්වා හෝ ගලෝලා. පස්සේ මම දන්නේ නැහැ කවුරු ඇන්දුවද කියලා. එයා දන්නවා ඒක. රටේ මිනිසුත් දන්නවා. මේ රටේ යුද්ධෙ තිබුණා අවුරුදු 30ක්. මොන රණවිරුවාගේ අතේද එයා එක පිරිත් නූලක් බැන්දේ. මේ කතා කරන මර්වින් සිල්වා ගියා ඒවට. එයා මොනවද කළේ. එයා තමයි දෙපත් නයා. මම හිතනනේ සංසාර පුරුද්ද කියලා. එයා මිනිස් පවුලට අයිති සාමාජිකයෙක් නම් නෙවෙයි. එයා අම්මා කෙනෙක් මේ ලෝකෙට බිහිකළා නම් චීවරයක් දාගෙන මෙහෙම හැසිරෙන්නේ නෑ.
14. මේ සංවිධාන ගැන ඇමැතිතුමාගේ අදහස එක වාක්‍යයකින් කියන්න.
බොදුබල සේනා සංවිධානය - බෞද්ධ බලය ඉතා වටිනවා. බෞද්ධ බලයට සේනාවක් ඕන නෑ.
රාවණා බලය සංවිධානය _ රාවනා කියන ශේ්රෂ්ඨ සිංහල පුරුෂයාගේ නම ඉතා වටිනවා.
ජාතික හෙළ උරුමය _ ජාතියට, හෙළයන්ට උරුමයක් තියෙන්න ඕනෑ. උරුමය ගැන යමෙක් පෙනී සිටිනවා නම් එය ඉතා වටිනවා.
සාධාර සමාජයක් සඳහා වූ ජාතික ව්යාපාරයසාධාරණ සමාජයක් තියෙන්න ඕනා. සාධාරණ සමාජයක් නැති නිසා තමයි මේ අවුල් වියවුල් සේරම. මම මෙය අගය කරනවා.
15.
ආණ්ඩුවේ ඉන්න තරුණ කඩවසම් ඇමැතිවරයා කවුද?
මම කැමැතිම නාමල් රාජපක්ෂට. මගේ කැමැත්ත ඔහුට විතරයි.
16. UNP යේ කැමැතිම කාටද?
කැමැතිත් නෑ අකමැතිත් නෑ. මම හිතන්නෙත් නෑ, ගාමිණි දිසානායක මහත්මයා හිටපු කාලේ මම උව්ර්ථී යේ හිටියා. එතුමාට මම කැමැතියි.
17. මේ පුද්ගලයන් ගැන එක වාක්‍යයකින් කියන්න.
රනිල් වික්‍රමසිංහ - හොඳ මහත්තයෙක්.
අනුර කුමාර දිසානායක _ ඉතා දක්ෂ කෙනෙක්.
වික්‍රමබාහු කරුණාරත්න - හොඳ උගතෙක්.
18. මේ කාන්තාවෝ ගැනත් ඒ විදිහටම එක වාක්‍යයකින් කියන්න.
රෝසි සේනානායක - සුන්දර ලලනාවක්.
උපේක්ෂා ස්වර්ණමාලි - නිළියක් හැටියට රටේ නමක් තියෙනවා.
අනර්කලී ආකර්ෂා - ඒ අෑයිටත් නිළියක් විදිහට රටේ නමක් තියෙනවා.
මාලනී ෆොන්සේකා - ඉතාම ශේ්රෂ්ඨ නිළි රැජිනක්.
19. ලංකාවේ ඉතිරිවෙලා ඉන්නේ මේ කාන්තාවෝ හතර දෙනා විතරයි, ඇමැතිතුමත් අවිවාහකයි නම් මේ ඉහත නම් කී අයගෙන් කාවද විවාහ කරගන්නේ?
නෑ ඉතින්, මේ අය මට විවාහ යෝජනා ගෙනාවත් මම කැමැතියි නම් විතරනේ බඳින්නේ. ඒ අවිවාහක කාලෙත් ඒ අය ගැන මගේ හිතේ තිබුණේ නෑ. තාමත් හිතේ නම් නැහැ. හැබැයි හිතට ආවානම් නොබැඳ ඉන්නෙත් නෑ.