මාවන් සහ තවත් විදේශ පුහුණුකරුවෙකු අවසන් වටයට තේරෙයි.
Posted by Unknown on Tuesday, September 23, 2014 |
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ජාතික පුහුණුකාර ධුරය සඳහා වත්මන් අන්තර් වාර පුහුණුකරු මාවන් අතපත්තු සමග තවත් විදෙස් පුහුණුකරුවෙකුගේ නම් අවසන් නිර්දේශයට ඇතුළත් කර තිබෙනවා.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ අද (23) රැස්වු පුහුණුකරු පත් කිරීම සඳහා ස්ථාපිත කළ 11 දෙනෙකුගෙන් සමන්විත කමිටුව විසින් මෙම නිර්දේශය සිදුකර ඇති බවයි. ඒ අනුව කමිටුවේ සාමාජිකයන් ඔවුන් දෙදෙනා සමඟ අද තවදුරටත් වෙන් වෙන්ව සාකච්ඡා කිරීමට නියමිත අතර, අවසන් තීරණය හෙට කි‍්‍රකට් විධායක කමිටුව වෙත ඉදිරිපත් කරනු ඇති.